Sunday, April 29, 2012

2009 Vidyodaya Kawya Deshanaya

ගත වූ වසරේ කාව්‍ය සංකල්පනා පිළිබඳ විවරණයක්‌ - 2009

ගතවූ වසරේ පද්‍ය කාව්‍ය සංග්‍රහ පිළිබඳ පසුගිය දා පැවති විදෙද්‍යාදය සාහිත්‍ය සම්මාන උළෙලේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ මහත්මිය විසින් පවත්වන ලද දේශනය ඇසුරිණි.

පෙදෙහි රසහව් "විඳුණා - දෙනෙතා ඉතා දුබලෝ" යෑයි කව් සිළුමිණ මහා කාව්‍යය කළ 2 වැනි පරාක්‍රමබාහු නිරිඳුන් ප්‍රකාශ කළේ 13 වැනි සියවසේ දී යි. එයින් පැවසෙන්නේ කවියෙහි රසභාව විඳින්නා වූ ජනයා එවක ද ඉතා දුර්ලභ වූ බව යි. අදත් මැසිවිලි නැඟෙන්නේ ඒ කරුණාව ගැනම යි. එනම්, කවිය එතරම් ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ නො වන බවටයි. එසේ තිබියදීත් ගත වූ වසරේ තවි පොත් 50 කට අධික සංඛ්‍යාවක්‌ පළ වී තිබීම වෙසසින් සඳහන් කළ යුත්තක්‌.

පෙම් කවි, පාරිසරික කවි, පොදු කවි, දේශපාලනික කවි ආදී විවිධ විෂයක කවි මෙන් ම සංයුත්ත කවි, කෙටි කවි හා පුවත්පත් කෝලම් කවි ආදී විවිධ ආකෘතිවලින් රචිත කවි ද මේ ඉසව්වට අයත් වී තිබුණා. මේ කවි ලියූ කවීන් අතර වෛද්‍යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු මෙන් ම පුවත්පත් කලාවේදීහු ද සිටියා.

සමර විඡේසිංහගේ "එක්‌ කවිය සිය වරක්‌" කෘතියේ දී ඔහු සිය කෘතියේ එන සියලු ම කවි මාතෘකා හතකට වර්ගීකරණය වී තිබෙනවා. ඒවා නම් ප්‍රේම වර්ගය, පුරුෂ වර්ගය, දුක්‌ඛ වර්ගය, දයා වර්ගය, සාමාන්‍ය වර්ගය, ප්‍රත්‍ය වර්ගය හා වේද වර්ගය යි. මේ වර්ගීකරණය අපට සිහි ගන්වන්නේ ධම්ම පදය යි. වේද වර්ගය සම්පූර්ණයෙන් ම පාහේ විවිධ වාද විවාද විද්‍යාත්මක මතවාද ඇසුරින් රචිත යි.

පවතින සාමාජික, දේශපාලනික, ආර්ථික පසුබිම ආවේගශීලී කාව්‍ය බසකින් ප්‍රශ්න කිරීමේ ප්‍රවණතාව අංකුර තරුණ කවීන් අතර කැපී පෙනෙන ලක්‌ෂණයක්‌. ශක්‌තික සත්කුමාරගේ "වෙඩි වැදුණු පන්හිඳ", රෝහණ පොතුලියෑද්දගේ "අහස හැඩි වී ඇත", ඉසුරු ප්‍රසංගගේ "පරාග" ඒ අතරට එක්‌ කළ හැකි කවි පොත්. ආවේගශීලී වුවත් ඔවුන්ගේ ඇතැම් කවි යම් නිර්මාණශීලීත්වයක්‌ ප්‍රකට කරනවා. මේ කවිය රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත" කාව්‍ය කෘතියේ ඇතුළත් වන්නක්‌.

මාතෘකාව - මගේ සුබ උදැසන

සොඳුර, දැන් ඉතින් නැඟිටන්න

මේ රැයේ සොඳුරු ම වෙලාවයි

මන්නාරම් බස්‌ එක - කොළඹ යන වෙලාව යි

සඳ සරා තාම ගුවනත හැඩ කරයි

තුරුලතා තුරුළු වී - පිනි වැස්‌ස යට නිදයි

සිහිනයේ අතරමැද - හැමදාම බෙල් වදියි

සීතල ද පීනස ද හාමත ද ගෙන මේ දැන් ම යා යුතු යි


ඉර එන්න කලින් - අහසට හා පොතට

රිංගුවොත් කොළඹට කැලණි ගං තොටින්

දහසක්‌ බුදුන් බුදු වන - ඒ සුබ උදැසන මගෙයි

එසේ ම දෙනෙත් අඳ වීමෙන් අනතුරුව ද කාව්‍ය රචනයේ නියුක්‌ත ව සිටින උපුල් සේනාධිරිගේ නම් කවියාගේ කවි "සියොතුන්ට එනු පිණිස" කෘතියේ ඇතුළත්. හෘදයාංගම කවි බසකින් යුතු උපුල්ගේ කවිය පවත්නා සමාජ වටපිටාවෙන් පෝෂණය ලද්දක්‌ බව පෙනෙනවා.

"
සිංහල ගුරුවරයාගේ කවිය" හිසින් ලියන ලද පහත සඳනන් කවිය එබන්දක්‌.

හුදකලා වූ දුයිෂෙන් මම වෙමි.

අතිරේක පංතියේ සිංහල සුරගුරු

ගරා වැටී කේතකී නිවහනේ ගුරු

අශෝකමාලා ගැන කවි පබැ» සාලිය ගුරු


කාශයෙන් පෙළෙන සොයුරිය සමඟ නිරතුරු

ළය රෝහලට දිව යන වැලිසර

දුටිමි නුඹ අශෝකා මෙනෙවියනි ගරුතර

ජීවකතුමියෙකි ස්‌ටෙතස්‌කෝප්පයක්‌ අත දැරූ

වාණිජත්වය කරා හඹා යන සමාජයක අතරමං වන සිංහල විෂය මෙන් ම එකී ගුරුවරයාගේ ෙදවාචකය ද මෙහි කදිමට කිරූපණය කරන්නට සේනාධිරිගේ කවියා සමත් වී සිටිනවා.

ප්‍රතිභාපූර්ණ කවීත්වයකින් හෙබි කිවිඳියන්ද

රැසකගේ නිර්මාණ ද අපට මෙවර සමීක්‌ෂණයේ දී හමු වුණා. විපුලි නිරෝෂිණී හෙට්‌ටිආරච්චි නම් කිවිඳිය සිය "සැන්දැග" කෘතියෙහි එවන් නිර්මාණශීලී සංවේදනා රාශියක්‌ අන්තර්ගත කර තිබෙනවා. කිවිඳියගේ අපූර්ව පරිකල්පනය, පද සංඝටනාව ප්‍රකට කරනා කවි ලෙස වැඳුම්, වන සිරි, මහාභිනික්‌මනක්‌නම් නොවේමැයි වැනි රචනා දක්‌වන්න පුළුවන්. චිරාගත සාහිත්‍ය සේවනයෙන් ඇය ලද ආභාසය ඇගේ අපූර්ව පද පෙළින් ප්‍රකට වෙනවා. එහෙත් එහි එන ඇතැම් කවි වෙනත් කවීන්ගෙන් මීට පූර්වයෙන් කළ කාව්‍ය රචනා සිහිපත් කරන බව ද නො කියා ම බැහැ.

සරෝජනි දැරණියගලගේ "වෙන්දේසි වූ ප්‍රේමය", ඇයගේ ප්‍රශස්‌ථ කවීත්වය පළ කරන කෘතියක්‌. යතුරු කපන්නාගේ පැතුම, බලු කපුටු දන ඇයගේ සමාජ නිරීක්‌ෂණය හුවා දක්‌වනවා.

රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කවියෙකු වන ලක්‌ශාන්ත අතුකෝරාළගේ වැසි ඉසෙන ඉසව් කෘතිය වෙනස්‌ ආකාරයේ අනුභූතීන් විෂය කර ගෙන ඇති බව පෙනෙනවා. මහවංශකරුවා ඉක්‌මවා යන දෘෂ්ටියකින් යුතු ව කාවන්තිස්‌ස රජුගේ මෙහෙවර දෙස බැලීමක්‌ "කාවන්තිස්‌ස" කවි පන්තියෙන් ද උක්‌ කපන්නන්ගේ ශෝකජනක ජීවන වෘත්තාන්තය "උක්‌ දුක්‌" යන්නෙන් ද අපුල සිත් ජනිත කරවනා සර්පයෙකු කෙරෙහි අනුකම්පාවක්‌ ගොනුකරවන "සර්පයෙකුගේ ප්‍රේමය" ද එබඳු කවි පංතීන් ය. සොබා දහම කෙරෙහි කවියා තුළ වන අපූර්ව සබැඳියාව හෙළි කරන කවිවලින් ද මේ කෘතිය සමන්විත වෙනවා. ඔහුගේ ඇතැම් කවිවල ජන කවියෙහි අභාසය නො මඳ ව දකින්ට ලැබෙනවා.

මලේ සුවඳ මල තලලා නවතම් ද

හඳේ එළිය දොර තියලා නවතම් ද

හුළඟේ හූව කන් වහලා නවතම් ද

ළඳක්‌ යතොත් අඬ ගහලා නවතම් ද


ජනක මහබෙල්ලන්ගේ "කම්මුල් පහර" සංයුක්‌ත කවි ඇතුළත් කාව්‍ය කෘතියක්‌. එහි මීට පෙර ඔහු විසින් රචනා කළ ඇතැම් කවි ද අන්තර්ගත යි. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ "සුළඟ" සංක්‌ෂිප්ත කවි සමුච්චයක්‌. "දුඹුරු වළාකුළු" කපිල කුමාර කාලිංග ලියූ පාරිසරික කවි එකතුවක්‌. "රාහුලයෝ" නමින් පළ වී ඇත්තේ කවි කොලමක්‌ සඳහා ලක්‌ෂ්මන් කහටපිටිය කවියා සතිපතා ලියූ කාව්‍ය නිර්මාණ රාශියක්‌.

"
කිසිවෙක්‌ කවියන් නොමරති" ලෙස බිහි ව ඇත්තේ එරික්‌ ඉලයප්ආරච්චි නම් කවියාගේ සූක්‌ෂ්ම සමාජ ගවේෂණාත්මක චාරිකාව ය. බූස්‌ස සිර කඳවුර, මූර්ති ප්‍රදර්ශනය, කැරලිකාර දියණියකට, කුලඟන හා වෙසඟන, විහාරමහාදේවි උද්‍යානයේ සිට සිරි ගුණසිංහට, රජරට මිනිස්‌සු සහ ගැහැනු, මහණ වූ අයියාට, සොයිසා වාට්‌ටුවේ දී පියෙකු වූ සැමියෙක්‌ , ගලහ පාරේ බසය, ලක්‌සල, රේස්‌ පදින්නිය, එතෙර සිට ආ මිතුරාට ඊට නිදර්ශන යි.

ඉතාම ජ්‍යෙෂ්ඨ හා රාජ්‍ය සම්මානලාභී කවීන් දෙදෙනෙකුගේ කෘති දෙකක්‌ ගත වූ වසරේ ප්‍රකාශිත කවි පොත් අතර තිබුණා. ඒ, පරාක්‍රම කොඩිතුවක්‌කු සහ සුනන්ද මහේන්ද්‍ර යන කවීන් දෙදෙනා රචනා කළ "මහතෙක්‌ සිටී හොඳින්" හා "ඇදුරිඳුගේ ආගමනය" යන කවිපොත් 02 යි.

නූතන අර්ථ ක්‍රමය හමුවේ හුදකලා වන මිනිසාගේ හදවතෙහි ස්‌පන්දනය පරාක්‍රම කොඩිතුවක්‌කුගේ "මහතෙක්‌ සිටී හොඳින්" කෘතියේ මුඛ්‍යාර්ථය වෙනවා. නූතන සිංහල කාව්‍ය ක්‌ෂේත්‍රයෙහි විප්ලවකාරයෙකු ලෙස ද සමාජ ප්‍රතිසංස්‌කරණවාදී කවියෙකු ලෙස ද හැඳින් වූ පරක්‍රම සිය අභිනව කාව්‍ය සංග්‍රහයෙන් නූතන සමාජයේ සංකීර්ණ සමාජ තත්ත්වයන් හමුවේ බිඳී යන මානව සම්බන්ධතා මහතෙක්‌ සිටී හොඳින්, කැපුණු ස්‌නායුව, බිඳුණ බඳුන, වැනි කවි ඔස්‌සේ ප්‍රකට කරන්නට සමත් වී සිටිනවා. එහෙත් සමස්‌තයක්‌ වශයෙන් ගෙන බලද්දී" මහතෙක්‌ සිටී හොඳින්" කාව්‍ය සංග්‍රහය හඳුන්වන්නට පුළුවන් වන්නේ සාර්ථක නිර්මාණ හිඟ කෘතියක්‌ හැටියට යි.

ආඛ්‍යාන කාව්‍ය නිර්මාණ සමුදායක්‌ ලෙස නම් කර ඇති. "ඇදුරිඳුගේ ආගමනය" කෘතිය මහාචාර්යවරයාගේ දීර්ඝ සාහිත්‍ය ගමනත් ඔහු ලද විෂය පරිණතභාවයත් මනා ජීවත පරිඥdනයත් ප්‍රකට කරනවා.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රාශියකගේ දායකත්වය ද මෙවර කාව්‍ය ක්‌ෂේත්‍රයට ලැබී තිබුණා.

මහාචාර්යවරයෙක්‌ තෙක්‌ කුලතිලක කුමාරසිංහයන් පැමිණි ගමන් මඟෙහි බුද්ධිමය හා භාවමය වෙනස්‌ වීම් "වරෙන්තුව" කාව්‍ය සංග්‍රහයට ප්‍රස්‌තුත වී තිබෙනවා.

අව්‍යාජ නැවුම් අනුභූතීන්ගෙන් පොහොසත් "එකමත් එක පිටරටක" කෘතිය ලියනගේ අමරකීර්තී නම් සාහිත්‍යකරුවා කාව්‍ය ක්‌ෂේත්‍රයට කැඳවා ගෙන ඒමක්‌. කථිකාචාර්යවරයාගේ සොඳුරු කවි කල්පනා රාශියක්‌ "එකමත් එක රටකට" ට ඇතුළත් වෙනවා. පාසල් ප්‍රේමයක්‌ පිළිබඳ කියෑවෙන "විසිරුණ කවිය", භඨධ කරණයට ලක්‌ වූ වත්මන් සමාජය පාදක කොට ගත් "ධනාත්මක තරුණයෙක්‌" විරාගය නවකතාව විශ්ලේෂණයට බඳුන් කළ "සරාගේ දෙවැනි ලියුම" දූෂිත දේශපාලනය තුළ අතරමං වූ ජන ජීවිතය විදහා දක්‌වන "ඇයි මේ" ඒ සඳහා නිදසුන්. කවියා ඇමරිකාවේ ගත කළ සමයේ දී ඔහු පෙළු සංතාපයන්ද සංතෘප්ත භාවන්ද සිය කවිය සඳහා අරමුණු කරගෙන තිබෙනවා. අතිශය අව්‍යාජත්වයක්‌ පළ කරන මේ ඇතැම් කවිවල ඒ අව්‍යාජත්වය නිසා ම අමු බවක්‌ නො මේරූ බවක්‌ තිබුණු බව යි අපගේ හැඟීම. එහෙත් කවියකු වශයෙන් ඔහුට ඇති දීප්තිමත් අනාගතය පිළිබඳ පෙරනිමිති මේ කෘතියෙහි දකින්නට පුළුවන්.

"
කල්පලතා" වූකලී නූතන සාහිත්‍යකරුවා නැවත වරක්‌ සම්භාව්‍ය සාහිත්‍ය සේවනය කරා කැඳවා ගෙන යන්නක්‌. මහා කාව්‍ය, ජාතක කතා කාව්‍ය යුගයෙහි අප විඳි චමත්කාරය යළිත් වරක්‌ සහෘද පාඨකයා වෙත ප්‍රදානය කරන්නට දර්ශන රත්නායක නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සිය ප්‍රතිභාසම්පන්න කවීත්වයෙන් සමත් වී තිබෙනවා. සැබවින්ම කල්පලතාව අපට ගෙන එන්නේ සර්ගවලින් බැඳි මහාකාව්‍යයක ගුණ සුවඳ යි. මෙහි පූර්විකාව සාහිත්‍යය, කවිය හදාරන විද්‍යාර්ථියෙකුට සප්‍රයෝජනවත් බව ද මෙහි ලා සඳහන් කළ යුතු වෙයි.

වසරේ හොඳ ම කවි පොත සොයා යැමේ දුෂ්කර ක්‍රියාව තුළ දී අප දොaලනය වූයේ දර්ශන රත්නායක සහ නන්දන වීරසිංහ අතර බව මෙහි දී කිව යුතු වෙනවා.

දර්ශන රත්නායක තරම් මෑත භාගයේ මෙතරම් ව්‍යක්‌ත ලෙස චිරන්තන කවි බස භාවිත කළ තවත් කවියෙකු මා නම් දැක නැහැ. ඔහුගේ විරිත් භාවිතය ගැන ද කිව යුත්තේ එයම යි. මෑත භාගයේ නූතන කවියෙකු ඔහු තරම් නිවැරැදි ලෙස ගී විරිත් හා සිලෝ විරිත් භාවිත කොට ඇත්aදැයි අප නම් දන්නේ නැහැ.

ඔහු නූතන කවීන් අතර කැපීS පෙනන්නේ භාෂා භාවිතය හා විරිත් භාවිතය නිසා පමණක්‌ නො වේ. අපූර්ව කාෙව්‍යාaක්‌ති ද නිර්මාණය කිරීම නිසා යි.


මිහිලිය ද නිසි කල - මේ කුළු පතා පේවී

වැහි දියෙන් ගැබ් ගෙන - ලොවට මල් පල ඉසුරු දේවි

නුවන් මිණි බඳුනෙහි - නුරා මදිරා පුරවා

බැඳලති ලියෝ පිරිමින් - බවෙන් බවයට ඇලුම් කරවා


ඇතැම් විට ඔහු නව කාෙව්‍යාaක්‌ති මවන්නේ නිරායාසයෙන් මතු වී එන මුල, මැද, අග එළිසම තුන ම පිහිටුවමින්.



ඇසුණි එතෙපළ රැදුණි සවනත

නැඟුණි මදහස රැකුණි මුනිවත

ගෙවුණි මඳකල් දිලුණි රන්කොත

සැලුණි රන්දද බැඳුණි නෙතසිත


මේ කරුණු කෙසේ වුවත් දර්ශන රත්නායක කවියාගේ, කවිය නූතනත්වයට බොහෝ ඈත බව යි අපගේ අදහස. බෝසත් සිරිතක්‌ මධුර, සුමට කවි බසින් ඉදිරිපත් කිරීමට වැඩි යමක්‌ මෙහි තිබේ ද යන්න පාඨකයා තුළ පැනනඟින ප්‍රශ්නයක්‌.

"
රැය කරා ගමන" කවිය හා සොබා දහම අතර වන ඒකාබද්ධතාව දාර්ශකින ගැඹුරකින් යුතු ව ඉදිරිපත් කරන්නක්‌. තමා විඳි ජීවන අත්දැකීම් මගින් ජීවිතයේ ගැඹුර, දාර්ශනික මානයකින් හෙළි පෙහෙළි කිරීමට කවියා මෙහි දී සමත් වී තිබෙනවා. බොහෝ කවීන් විෂයෙහි අනුභූතින් නොවන වස්‌තු විෂයයන් නන්දනගේ කවියෙහි ප්‍රතීයමාන වී තිබෙණු දැකිය හැකියි. "නිහඬ නිරිඳු" ඉතිහාස කතාවෙන් මෑත් වී වර්තමානයේ සොබා දහම හා බද්ධ වූ විජයබාහු නිරිඳුගේ ප්‍රතිමාව දෙස හෙළන උපේක්‌ෂා සහගත බැල්මක්‌. පවතින සමාජ වටපිටවේ දී හිස්‌ බවින් පමණක්‌ අභිෂේක දැරූ මිත්‍ර සමූහයකට ඇස නො ගැටුණු සොබා දහමේ අසිරිය කියා පාන "වන මැද ගමන" තුළින් කවියා ජීවිතයේ ගැඹුරු යථාර්ථය අප වෙත ගෙන ඒමට උත්සාහ දරා තිබෙනවා.

"
බෑවුමක රහසේ පිපී ගිය - මල් මතෙහි විමතියක්‌ යම් කිසි

තිබිණි දැයි විමසනු කල් නැති, ගමන් සගයන් නඟා හිස්‌ රැවු

නොනැවතී රැය කරා ගමනෙහි"

"
අවාරයේ" කවි පංතිය කවියා ඔහුත් සමඟ අප ද ගිරි මුදුනක හුදකලා වූ පිළිවෙත්වලින් බුහුමනට ලක්‌ නො වන කාලයේ තනි ව සිටින්නේ එතෙක්‌ දෙවොල අරක්‌ ගත් ව්‍යාජත්වයෙන් තොරව යි. කවියා විඳින්නේ මේ අව්‍යාජ, නිරහංකාර, හෘදයාංගම සැබෑවයි.

කපුවන් රැකවල්කරුවන් - කිසිවකු නැති සිහිල ගැබෙකි

නන් නන් කුසුමින් ආකුල - තුරු වැටියෙහි තුරු දසුනකි

ඉත්ත කීන කැලෑ කොට්‌ට - නෙල්ලි ඈ නෙතුර පිරිවර

සමඟ සම ව පිළිම දෙවිඳු - නිදහස්‌ සම්භාෂණයක

මිනිසා සොබා දහම ඉක්‌මවා යන්නට දරන හරසුන් බොල් ව්‍යායාමය, ඔවුන්ගෙන් පිදුම් ලබන දේවත්වය ම සොබා දහම හා එක්‌ වීම තුළින් ගම්‍යමාන කරන්නට නන්දනට හැකිවී තිබුණා.

නිදහස්‌ රීතිය ගුරු කොට ගත් කවියෙකු වූ නන්දන ඒ සීමා මායිම් ඉක්‌මවා ගොස්‌ ඇති අන්දම "ගඟ","බෝහියර් දසුන" නමැති කවි පංති තුළින් ඉක්‌මතු වී පෙනෙනවා. සොබාදහම වින්දනය කරන කවියා ඒ ඔස්‌සේ ගැඹුරු ජීවන අනුභූතියක්‌ ප්‍රත්‍යමාන කර ඇති අයුරු දකින්නට පුළුවන්. ස්‌වදේශිකයෙකු තරමටම මේ රටට ඇලුම් කළ ආර්. එල්. බ්‍රොaහියර් නම් සොබාදම් සෞන්දර්යයෙන් ඔකඳ වූ සොඳුරු මිනිසා "බ්‍රොaහියර් දසුන" ට විෂය වී තිබෙනවා. නන්දන මේ මිනිසා ඔසවා තබන්නේ අප රටෙහි මිහිතලය ආස්‌වාදය කළ උත්තම පුරුෂයෙකු ලෙස යි.

නන්දන වීරසිංහ කවියා ඉතා වේගයෙන් කවියෙහි බුද්ධිමය තලයක්‌ කරා, දාර්ශනික තත්ත්වයක්‌ කරා එළැඹෙන ආකරය පරීක්‌ෂාව", "දිය ගති", "කුර ලකුණු මඟ හැරීම", "කාලි දස්‌ සඳ", "ගෘහ නිර්මාණය", "රැය කරා ගමන" ආදී කවි බහුතරයකින් දැකිය හැකි යි. එය ඇතැම් විට කවියෙහි භාවාත්මක බව සමතික්‍රමණය කරන බවත් කිව යුතු වෙනවා.

"
රැය කරා ගමන" විශිෂ්ටත්වයට පත් කරන අති විශේෂ කාරණාව ලෙස සඳහන් කළ යුත්තේ ඔහු විසින් නිsර්මාණය කර ගනු ලැබ ඇති ව්‍යක්‌ත, මටසිලුටු භාෂාව යි. කවිය, භාෂා ප්‍රාතිහාරයක්‌ බව අපට අමතක කළ නො හැකි යි.

කථිකාචාර්ය
හංසමාලා රිටිගහපොළ

^úfoHdaoh idys;H iïudk Wf<, - 2010 oS meje;a jQ foaYkh&

Friday, December 9, 2011

නැවැත් වූ තැනින් ආපසු ආරම්භ කළ යුතු ය. එවිට ගැටලුව වන්නේ නැවැත් වූයේ කොතැනින්ද යන්නයි. හැකි වී නම් හදුනා ගන්නට නැවැත් වූ තැන නිසැකයෙන් ම හුනා ගත හැකිය වැරදුන තැන ද. ඒ සියලුල හදුනා ගත්ත ද සිදු වූ වරද නිවැරදි කළ නො හැකි ය. ආපසු අතීතයට ගොස් ඒ අතීතය තුළ ඇවිද කිසිවක් නිවැරදි කළ නො හැකි ය. මේ සියල්ල හුදු මනුෂ්යත්වයේ නාමයෙන් සිදු වූවක් ද විශ්වාසය, අන්යෝන්ය සම්බන්ධය නිසා සිදු වූවක් ද? වටහා ගත වනා හැකි සියලු දේ තුළ අන්තර්ගත වනුයේ ගැටලුවයි. අප මනුෂයයන් විමම ද මේ සා ගැටලුවලට හේතුව වන්නට ඇත. හදුනා ගත් පමනින් ඇසුරු කළ පමණින් ළග රැදි පමණින් ඒ සියලු බැදීම් විශ්වාසය මත තහවුරු වන නිසා ය. සියල්ල අවසන දැනෙනුයේ මහත් වූ තනිකමක් හිස්කමක් පමණි. එහෙත් හැමවිට ම අප තනි ව ඇත්තේ අප දන්නා කියන දෙනෝදාහක් අතර වීම ද මහා පුදුමයකි. වරෙක මහගම සේකර කියූ පරිද්දෙන් එය සත්යයකි, සදාතන සත්යයකි.


Social Stratification and Poetry of the Colombo era
Monday, 28 February 2011 00:00

Sri Jayawardenapura University lecturer and gifted writer Hansamala Ritigahapola’s ‘Colomba Yugaye Kaviya Saha Samaja Stharayanaya’ (The Social Stratification and Poetry in the Colombo Period) is indeed an invaluable book which should be read by all especially by those who are keen about Sinhala Literature and its evolution.
She chooses to focus on the Colombo Era poetry which is indeed an uphill task because there were thousands of poets who indulged in writing in various forms. She has done extremely well by doing a thorough research and combining her works with the relevant social changes of the period.
The Gothami Balika Vidyalaya and Sri Jayawardenapura University old girl has touched upon the crucial areas of inequity due to creed, gender and class in her book published by S. Godage and Brothers.
- Ramesh Uvais