Friday, December 9, 2011

නැවැත් වූ තැනින් ආපසු ආරම්භ කළ යුතු ය. එවිට ගැටලුව වන්නේ නැවැත් වූයේ කොතැනින්ද යන්නයි. හැකි වී නම් හදුනා ගන්නට නැවැත් වූ තැන නිසැකයෙන් ම හුනා ගත හැකිය වැරදුන තැන ද. ඒ සියලුල හදුනා ගත්ත ද සිදු වූ වරද නිවැරදි කළ නො හැකි ය. ආපසු අතීතයට ගොස් ඒ අතීතය තුළ ඇවිද කිසිවක් නිවැරදි කළ නො හැකි ය. මේ සියල්ල හුදු මනුෂ්යත්වයේ නාමයෙන් සිදු වූවක් ද විශ්වාසය, අන්යෝන්ය සම්බන්ධය නිසා සිදු වූවක් ද? වටහා ගත වනා හැකි සියලු දේ තුළ අන්තර්ගත වනුයේ ගැටලුවයි. අප මනුෂයයන් විමම ද මේ සා ගැටලුවලට හේතුව වන්නට ඇත. හදුනා ගත් පමනින් ඇසුරු කළ පමණින් ළග රැදි පමණින් ඒ සියලු බැදීම් විශ්වාසය මත තහවුරු වන නිසා ය. සියල්ල අවසන දැනෙනුයේ මහත් වූ තනිකමක් හිස්කමක් පමණි. එහෙත් හැමවිට ම අප තනි ව ඇත්තේ අප දන්නා කියන දෙනෝදාහක් අතර වීම ද මහා පුදුමයකි. වරෙක මහගම සේකර කියූ පරිද්දෙන් එය සත්යයකි, සදාතන සත්යයකි.

No comments: