kQ;k hfYdaOrdjlf.a me;=u
කාරණාව බුදු වෙන ලකුණු නොම දුටු ව
මාර සදිසි සිත් රුපුසෙන් බල දුරු ව
තාරකාව වී සිත් අහසට ආ ව
පාරමිතාවක්දෝ සසරේ පැතු ව
සසර පුරා හුරු සෙනෙහේ සුවඳ වි ඳ
ඇතොර පුරේ ළඳක් නොවුණි උරුම මැ ද
කතර මැදට පෑයු පුන් සඳක් ලෙ ද
අතැර නො යන දියණියකිය නුඹෙන් ල ද
බවෙන් බවේ පැතු පැතුමන් සුන් වී ද
මුවෙන් මිදෙන සුසුමක් සේ වියැකේ ද
වහන් වෙන්න වන්නේ පෙර පවකින් ද
නුවන් සදිසි යසෝදරා නුදුටී ද
zkdßZ lD;sfhka'
No comments:
Post a Comment