කරුණාකර දරුවන්ට දුක සැප, සිනහව කදුළ සම සේ දරා ගන්නට කියා දෙන්න. මේ ලෝකයේ දිනුම සහ පැරදුම යනුවෙන් දෙකක් ඇති බවත් කෙනෙකුට දිනන්නට තව කෙනෙක් පරාද විය යුතු බවත් කියා දෙන්න..
පැරදෙන සෑම කෙනෙකු ම සමාජයෙන් ප්‍රතික්ෂේප නොවන බවත් සියලු දෙනාම දිනිය යුතු නැති බවත් කියා දෙන්න..
බාධක හමුවේ ජීවත් වීම මරණයට වඩා වැදගත් බවත් රට වෙනුවෙන් කිසිවක් කිරීමට ජීවත් විය යුතු බවත් කිය දෙන්න..
කරුණාකර ඔබේ දරුවාට ජීවත් වීමට යහපත් අරමුණක් ලබා දෙන්න.
මේ තරගයෙන් ඔවුන් ඈත් කරන්න.. අත්පත් කර ගැනීමෙන් අයිති කර ගැනීමෙන් ලබන උද්දාමයට වඩා අත්හැරීමෙන් ලබන සැනසීමේ වටිනාකම වටහා දෙන්න..
නැතිනම් හෙට දිනයේත් අකාලයේ මිය යන්නේ ඔබේ දරුවා විය හැකිය...
Thursday, August 31, 2017
ප්‍රේමයේ අරගලය සහ අරගලයේ ප්‍රේමය
ඉතිහාසය පුරා ජීවත් වූ බොහෝ පෙම්වතුන් අතරින් අප හදුනාගෙන ඇත්තේත් අප විසින් හදුන්වා දෙනු ලබන්නේත් කිහිප දෙනෙකු පමණි. රාධා-ක්‍රිශ්ණා, රාමා-සීතා, සාලිය-මාලා, ගාමිණි-චිත්‍රා, රෝමියෝ-ජුලියට්, සලීම්-අනර්කලී එවැන්නෝය... ඔවුන් ජීවත් වූ ඒ කාලයේම ඔවුන්ටත් වඩා ප්‍ර්‍රේමය වෙනුවෙන් අනේක කැපකිරීම් කළ අනේක දුක් පීඩා විදි පෙම්වතුන් සිටින්නට ඇත. එහෙත් ඒ ප්‍රේම කතා ඉතිහාසය පුරා ලියවුණේ හෝ පරම්පරාවෙන් පරම්පරාවට කියවුණේ ද නැත. ඉතිහාසගත පෙම්වතුන් සේ ධනයෙන්, නිලයෙන්, බලයෙන් ඔවුහු පොහොසත් නොවූහ. එ නිසාම ඒ කතා අප දන්නේ නැත. අපට වැදගත් ද නැත. දුක් විදින මිනිසෙකුගේ ප්‍රේමය තුළ අලෙවි වටිනාකමක් හෝ ජන ආකර්ෂණයක් හෝ නැත. ඒ සියල්ල ඇත්තේ සියල්ලෙන් පරිපූර්ණ මිනිසුන්ගේ ප්‍රේමය තුළ පමණි. එහෙත් තම සිතැගි අභිභවා පොදු මිනිසුන් උදෙසා විහිදිය හැකි ප්‍රේමයකට හිමිකම් කියන්නට තරම් උසස් සිතුවිලිවලින් යුතු පෙම්වතුන් එදත් අදත් සිටියේ ය, සිටින්නේය.. නමුදු ඒ ප්‍රේමයට වටිනාකමක් දෙන්නට තරම් මනසින් උසස් මිනිසුන් අප අතර සිටියේ නැත. එ නිසා ම ඉතිහාසය පුරා ම සිටි ඒ පෙම්වතුන් ව අපට මග හැරුණි.
ඉදහිට හෝ ඔබට මට හමුවන එබදු පෙම්වතුන් අදටත් අපට කියා දෙන්නේ සැබෑ ප්‍රේමය පිළිබද පණිවිඩය කි. ඒ පණිවිඩය වටහා ගත නොහැකි වුවද මේ පෙම්වතුන්
බෝධිසත්ව ගබ්සාව
මේ සිද්ධිය සිද්ධ වුණේ ටික කාලෙකට කලින්. බාහිර උපාධි පාඨමාලාවේ ප්‍රථම වර්ෂය සඳහා පැවැත් වුණු දේශනය සිදු කළේ මම. සාහිත්‍ය ප්‍රවේශය ප්‍රශ්න පත්‍රයේ කාව්‍ය රසවින්දනය තමයි ඒ වෙලාවට නියමිත වෙලා තිබුණෙ. එදා මං කවි පන්ති තුනක් තෝරගෙන තිබුණා. ගුණදාස අමරසේකර කවියා ගේ ගැබ්ගත් ළද කවි පන්තිය, දයාසේන ගුණසිංහ කවියාගේ රන් තැටියක කඳුළු කවි පන්තිය සහ කුමාර හෙට්ටිආරච්චි කවියාගේ බෝධිසත්ව ගබ්සාව කවි පන්තිය. විවේකයට පෙර මට නිම කරන්න පුළුවන් වුණේ කවි පන්ති දෙකයි. ඊට පස්සෙ එළඹුණු විවේකයේදී කාන්තාවක් මාව හමුවෙන්න ආවා, ඇස් දෙකේ කඳුළු පුරවගෙන. ඇය හඬා වැටෙමින් පැවසුවේ රන් තැටියක කඳුළු කවි පන්තියට පාදක වුණු අත්දැකීමට ඇයත් මුහුණ දුන්නා කියලා. ඒ වෙනකොටත් ඇයට තව දරුවෙක් හිටියා. ඒත් ඉපදුනු ගමන් ම තමන්ට අහිමි වුණු දරුවව අමතක කරන්න ඇයට ඒ වෙනකොටත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇගේ කතාව මගේ ඇස් දෙකටත් කඳුළු ගෙනාවා. විවේකයෙන් පස්සෙ තිබුණෙ බෝධිසත්ව ගබ්සාව ගැන විචාරය කරන්න. මුල් කවිපන්ති දෙකටම පාදක වුණු ගැබ්ගත් ළදත්, දරුවා බිහිකළ මව සහ මියගිය දරුවා ගැනත් අප තුළ ඇතිවන සානුකම්පික හැඟීම නීත්‍යානුකූල පරිසරයක් තුළ ගොඩනැගෙන දෙයක්. ඒ වගේ නීත්‍යානුකූල හිමිකමක් නැති අය ගැන එබඳු හැඟීමක් ඇති කරන්න, ඇති වෙන්න මේ සමාජයෙන් ඉඩක් තිබෙනවා ද? එබඳු පසුබිමකට අවශ්‍ය ඉඩකඩ සමාජය තුළ ඇතිකරල තියනවද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණත්
ඒ විචාරයෙන් පස්සේ එදා මං ළඟ හඬා වැටුණු ඒ අම්මා ඇතුළු මුළු දේශන ශාලාවෙන් ම මට අහන්න ඉතුරු වුනේ එක ප්‍රශ්නයක් විතරයි. අපි වෙනස් කළ යුතු වන්නේ අපිවද ? සමාජය ද ? එහෙමත් නැත්නම් නීතිය ද ?
බෝධිසත්ව ගබ්සාව
නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණි
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද හැළුණි
පස්මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණි
සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි එරුණේ
අඳුන් තෙලින් නෑවෙන වද මල් යහනේ
මවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ
රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ
මහමායාවරුන් ඇයි මහමග පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු සොහොනේ අපාගත නොවවු තනිවම මව්වරුනේ
- Kumara Hettiarachchi -

Sunday, April 17, 2016
‘‘අනුන්ගේ ලේ‘‘ නැවත කියවීම.
විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවියක ව සිටියදී මා වඩාත් ප්‍රිය කළ කෘති දෙකක් විය. එකක් ‘‘ඇට මැස්සා“ ය. අනෙක ‘‘අනුන්ගේ ලේ“ ය. ජීවිතයේ සංක්‍රාන්ත්‍රික කාලවල බොහෝ දෑ සිදුවන අවස්ථාවලදී මා නැවත නැවතත් කියවූයේ මේ කෘතින් දෙක යි. නැවතත් මට මේ කෘතිය කියවන්නට බල කරන පුද්ගලයෙක් හමුවිය. එ් හමුවීම මට සිහිපත් කළේ ද මගේ සරසවි ජීවිතය යි. චින්තන විප්ලවයට පන්නරය ලැබෙන්නේ කියවීමෙනි. එහෙත් වර්තමාන සමාජය තුළ එබදු පොතක් පතක් කියවීමට තරම් ඉස්පාසුවක් තියෙනවාද යන්න සැක සහිත ය. ඒ නිසා ම අනුන්ගේ ලේවල අගය මිනිසුන් දැන සිටියේ ද නැත. දැන හෝ නො දැන අප ගනුදෙනු කරන්නේ අනුන්ගේ ලේ වලිනි. ‘‘අනුන්ගේ ලේවලින් වියදම් කරන එක නං හරිම ලේසියි“ ‘‘අනුන්ගේ ලේ‘‘ නැවත කියවන්නට මට බල කෙරෙනුයේ ඒ සිතුවිල්ලයි.
‘‘බැහැ. ඉතාම සුලු අත් වැරැද්දකින් වුණත් ඔක්කොම විනාශ වෙන්න පුළුවන්‘‘ පයට තබා ඔහු සිගරට් කොටය පෑගුවේ ය. ‘‘මං යනවා ඔයත් එක්කලා“
‘ඔයා ? කිසිම අවදානම් වැඩකට යන්න ඔයාට අයිතියක් නෑ. ඒක තදින්ම ක්‍රියාත්මක කරන රෙගුලාසියක්.“
‘‘මං දන්නවා“ ජෝන් කීය. ‘‘මං මිනිස්සුන්ව අරිනවා මැරෙන්න ඒත් ඒකේ අංශු මාත්‍රයක බරක්වත් මං දරන්නේ නැහැ“
‘‘ඔයා ඒ බර දැරුවත් ඒකෙන් ඇති වෙන අමුතු වෙනසක් නැහැ ජෝන්. ඔයා ඒක හොදටම දන්නවා.“ ඉන්පසු එළඹියේ නිහැඩියාවකි.
‘‘නිකං හිතලා බන්න හෙලන්, ඔයා අවදානමකට මුහුණ දෙන කොට මං ඔයා ලග නැහැ. මට ඒක දරන්න බැහැ.“ ඔහු කීය.
‘‘මං ඔයා ලග ඉන්නවා ජෝන්“ ඈ කීවා ය. ‘‘දුර අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා හැම වෙලාවෙ ම මං ළග“
355 පි.
‘‘ඒ ගැන සිතෙන විට ලජ්ජාව මුසු සන්ත්‍රාසයකින් ඇගේ මුලු ආත්මය ම වෙළී ගියේ ය. මා ඒ ගැන සිතුවේ නැත. මා එය විශ්වාස කළේ නැත. නිරතුරුවම පසුවුණේ සාහසික නින්දක ය. මුළු රෑ ම නිදි නැති ව ඇදේ ඒ මේ අත පෙරළෙමින් ඈ මේ පැය එන තෙක් මර බියේ බලා ඉන්නට ඇත. ඒ අතර මා කළේ කුමක්ද? මගේ නිය ඔප දැමීම ය. ඒ මුළු කාලය මුළුල්ලේ ම උන් ඒ මර උගුලට යුදෙව්වන්ව පැටෙව්වෝ ය. පිටත ලෝකයේ මහ දවල් ම මිනිස්සු ඒ මර බියෙන් විදවද්දී මා කළේ මගේ කාමරයේ දොරගුලු වසාගෙන, නිශ්ශබ්දතාව සහ ඒකාකාරී වෙහෙස තුළ නිදි වැදීම ය. “ 345 පි.
‘‘තමන් ආලය කරන කෙනාට අනතුරක් වේවි කියලා, පහු වෙන මිනිත්තුවක් මිනිත්තුවක් ගානේ හිත හිතා ඉන්න එක, දිග් ගැස්සෙන මරණෙකටත් වඩා භයානකයි.’’ 206 පි.
‘‘ගහගන්න ඕන අය ගහගත්තදෙන්. ලේ හලාගන්න ඕන අය ලේ හලා ගත්තදෙන්‘‘ යි කී අම්මා හිසකෙස් අතර සිය අතැගිලි යැව්වා ය. ‘‘ඒත් ඒ අහිසංක මිනිස්සුන්ට මැරෙන්න ඕන කළේ නැහැ. ඒ ගැන ඒ මිනිස්සුන්ගෙන් කැමතිද කියලා කවුරුවත් ඇහුවේ නැහැ“ ඇගේ ස්වරය සිර වී ගෙන ගියේ ය. ‘එහෙම කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක කෙළින් ම මනුස්ස ඝාතනයක්.“ 340 පි.
‘අනුන්ගේ ලේ’ සිමොන් ද බුවා - පරිවර්තනය ගාමිණි වියන්ගොඩ

Wednesday, January 16, 2013
යශෝධරාව නැවත දැකීම
යශෝධරාව නැවත දැකීම
සිංහල සංස්කෘතියේ ශක්තිමත් පදනම වූයේ ගැහැනිය යි. විශේෂයෙන් මහින්දාගමනයත් සමග
ම මෙරට ප‍්‍රචලිත වූ බොදු සමය සිංහල සංස්කෘතියෙහි ප‍්‍රගමනය උදෙසා වෙසෙසින් ඉවහල් විය.
යශෝධරා දේවිය සිංහල ගැහැනියගේ පරමාදර්ශී කාන්තාව වන්නේ ද දේශීය සංස්කෘතියෙහි දැකිය
හැකි එකී බෞද්ධ මුහුණුවර නිසා ය.
යශෝධරා දේවිය අපට වැදගත් වන්නේ ඇයට" ශ‍්‍රී ලංකාවාසීන් බහුතරයකගේ වන්දනාමානයට පාත‍්‍ර
වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සමග ඇති නෑකම නිසා ම නො වේ. ඈ සිද්ධාර්ථ කුමරුන් හා සරණප‍්‍රාප්ත
වූ භාර්යාව යි. එසේත් නැතිනම් රාහුල කුමරුගේ මව යි. තමන් උපන් ගෙයි පහන් දැල්වීමට අනවශ්‍ය
තරමේ ශරීර ප‍්‍රභාවක් සහිත ව බිම්බ රූපයක් බඳු වූ රූසිරින් යුතු බැවින් ඕ තොමෝ බිම්බා නම් වූවා ය. විවාහප‍්‍රාප්ත වීමෙන් අනතුරු ව මහත් වූ යස පිරිවර දැරූ හෙයින් යශෝධරා නම් වූවා
ය. පසුව රාහුල නම් පුතණුවන්ගේ මව් වූ හෙයින් රාහුලමාතා ලෙස ද ප‍්‍රකට වූවා ය. පැවිදි
වීමෙන් අනතුරු ව භද්දකච්චායනා තෙරණියෝ නම් ලදහ. ඒ සෑම කරුණකට ම වඩා ඈ වැදගත් වන්නේ
සංසාරයෙන් සංසාරයට භාර්යාවක ලෙසින් සිද්ධාර්ථ බෝසතාණන් වෙනුවෙන් කරන ලද අසමසම මෙහෙවර
නිසා ය.
මෙ රට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පැහැදිලි ව ම බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වූවකි.
පද්‍යයෙන් බුදු සිරිතක් කිරීමේ නියමයට යටත් වූ සිංහල කවීන්ට සේ ම ගද්‍ය රචකයන්ට ද බුද්ධ
චරිතය අමතක කිරීමට නො හැකි විය. අමාවතුර, බුත්සරණ, මුව දෙව්දාවත, කව්සිළුමිණ ආදි නොයෙකුත් පද්‍ය, ගද්‍ය ග‍්‍රන්ථ ආදිය රචනා කරමින් අත්‍යුත්කර්ෂයෙන් බුද්ධ චරිතය වර්ණනා කරන්නට
ඔවුහු කිසිවිටෙකත් පසුබට නො වූහ. යශෝධරාව අපට හමුවන්නේ එසේ වර්ණනයට පාත‍්‍ර වූ ජාතකකතා
ආදියෙනි. අසා සිටින හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා වූ ජාතක ගද්‍ය, පද්‍ය කාව්‍ය ඔස්සේ අපි ඈ හඳුනා ගතිමු. එහෙත් ඒ සෑම ජාතක කතාන්තරයකින් ම යශෝධරාවගේ
අප‍්‍රමාණ ස්වාමිභක්තිය නිරූපණය වුව ද අප ඈ අඳුනන්නේ තවත් එක් කාන්තාවක ලෙස පමණකි.
කතාකරුවන් ද අපට ඈ හඳුන්වා දෙන්නේ එලෙසිනි. කාන්තාවක ලෙස,
විශේෂයෙන් සංසාරයෙන්
සංසාරයට එක ම පිරිමියකු ප‍්‍රාර්ථනා කරමින් පැමිණෙන මේ භාර්යාව ඊට වඩා වෙනස් තලයක සිට
අපට දකින්නට ලැබුණේ නම්, ඒ දඹදෙණි යුගයේ රචිත පූජාවලියෙන් සහ මහනුවර අවදියෙහි
රචිත යසෝදරාවතෙන් පමණකි. මයූරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර නාහිමියන් විසින් විරචිත
පූජාවලියෙන් එතෙක් මෙතෙක් අප හොඳින් අසා ඇති හොඳින් දැන සිටි, එහෙත් හඳුනා නො ගත් යශෝධරාව අපට හොඳින් ම දැක ගන්නට ලැබුණි. ඒ යශෝධරා අපදානයෙනි.
යසෝදරාවත රචනා කළ කතුවරයා ද කවීන්ට අමතක වු යසෝදරාව අප හමුවට කැඳවා ගෙන එන්නේ අප‍්‍රමාණ
සෙනෙහසකින් හදවත පුරවාලමිනි.
තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුර වා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙන වා
දමා කුමරු වැඩියා මට සිහිවෙන වා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද ත වා
ඈ එසේ පවසන්නේ බෝධිසත්ත්වයන් සම`ග තමා ගෙවූ අතීතය සිහිපත් වීම නිසා ය. සැබවින් ම බුදුසසුනෙහි
පැවිදි වී රහත්, මහ රහත් භාවයට පැමිණීම දවසකින් දෙකකින් සිදු කළ
හැකි ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. ඒ සඳහා බොහෝ කල්ප කාලයක් පෙරුම්දම් පිරිය යුතු ය.
අසූ මහා ශ‍්‍රාවකයන් කල්ප ලක්ෂයක් ද අග‍්‍රශ‍්‍රාවකයන් එකාසංඛ්‍යය කල්ප ලක්ෂයක් ද පෙරුම්
පිරිය යුතු වේ. සම්මා සම්බුද්ධත්වයට පත්වීමට නම් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්
පිරිය යුතු ය. සිද්ධාර්ථ බෝසතාණන් බුද්ධත්වය පතා එසේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම්දම්
පුරද්දී යශෝධරාව ද එතුමන් සම`ග එක්ව එම සම්පූර්ණ කාලය ම එනම්, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂය
ම පෙරුම් පිරුවා ය. දීපංකර බුදුන් පාමුලෙහි සුමේධ තාපසවරයා විසින් නියත විවරණ ලද ආත්ම
භාවයේ පටන් ම යශෝධරාව එතුමන් සම`ග පාරමී පිරූවා ය. එදා ඈ සුමිත‍්‍රා නම් පරිබ‍්‍රාජිකාව යි. දීපංකර බුදුන්වහන්සේ
විවරණ දුන් පරිද්දෙන් ගෞතම බුදුන් නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන සිද්ධාර්ථ කුමරුන්ගේ
භාර්යාව වන යශෝධරා දේවිය මම් ම වෙම්වා, ඒ රාහුල නම් පුත්රුවනගේ මව
මම් ම වෙම්වා, මම එතුමන්ගේ පාරමිතාවට අනුබල වෙම්වායි මහනෙල් මල් අටක් පුදා
ප‍්‍රාර්ථනා කළ ගැහැනිය ඇය යි. ඒ ප‍්‍රාර්ථනාව අනුව දීපංකර බුදුන්ගෙන් විවරණ ලැබූ කාන්තාව
වූයේ ද ඇය යි.
මුව ජාතියේවද පළමුව උපන් නේ
එම ජාතියේ සිට මම නෑර ම එන් නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන් නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන් නේ
එතැන් සිට ඈ කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධාර්ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛි, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුන්වහන්සේලාගෙන් අවසාන විවරණය ලබන තෙක් හැම ආත්ම භාවයක දී ම බෝසතාණන්
සම`ග මහත් ඵල මහානිසංස
පුණ්‍ය ක‍්‍රියා සිදු කළා ය. ඒ සෑම අවස්ථාවක දී ම අසදෘශ දාන, ශීලාදි කුශල ක‍්‍රියාවල යෙදීමෙන් අනතුරුව බෝසතාණන් ඒ පින්කම්වලින් ප‍්‍රාර්ථනා
කළේ සම්මා සම්බුද්ධත්වය යි. එහෙත් යශෝධරාව
ඒ සියලූ ආත්මභාවයන්හි දී එතුමන්ගේ භාර්යාව වෙමින්, ඈ විසින් සිදු කරන ලද සියලූ
පින්කම්වල මහිමයෙන් මේ උත්තම පුරුෂයා ම ස්වකීය ස්වාමිපුරුෂයා වන ලෙස ප‍්‍රාර්ථනා කළා
ය. ඒ ප‍්‍රාර්ථනාව හේතුවෙන් ඔහු ම ලද ඈ, භාර්යාවක ලෙසින් එතුමන් වෙනුවෙන්
කළ කී දෑ ද අප‍්‍රමාණ ය. අවසාන ආත්මභාවයෙහි ගෞතම බුදුන්වහන්සේගෙන් පිරිනිවන් පෑම සඳහා
අවසර ඉල්ලා සිටීමට පැමිණි යශෝධරා මහා ස්ථවිරීන්වහන්සේ එම අතීතය ස්මරණය කරමින් භාර්යාවක
සේ ඈ ඉටු කළ දෑ වදාළේ මෙසේ ය.
‘‘තව ද: නො එක් ජාතින්හි යක්ෂ රාක්ෂසාදීන් වෙස් වළා
අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා දන් දුන් කල්, ඔවුන් මා සල්ව සල්වා කෑ කල, එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නියා
මා ම දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත‍්‍රීන්
කෙරෙහි හසු ව නො එක් වධයට පැමිණි කල්හි එ බැව් අසා කාමක්‍රෝධයක් නැති ව පුත‍්‍රයක්හුගේ
ආපාදයෙක්හි කම්පිත වන මවක සේ, මහ හ`ඩින් හඬා එතැනට ගොස් මා හැඳ සිටි වස්ත‍්‍රාභරණ ඔවුන්ට
අල්ලස් කොට දී නුඹ වහන්සේ ගලවා ගත් කල්, මාතෘ භාර්යා වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ ම
නිසා නුඹවහන්සේ ම පතා, හැඳ සිටි වස්ත‍්‍රාභරණ පරිත්‍යාග කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර මා ම කුසින් වැ¥ දරුවන් නුඹවහන්සේ යාචකයන්ට
බැඳ පාවා දුන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. ”
බුදුන්වහන්සේ ඈ සතු අපරිමිත සෙනෙහස, ස්වාමි භක්තිය දැන සිටි සේක.
යශෝධරාව සිංහල සංස්කෘතියේ පරමාදර්ශී කාන්තාව වූයේ ඈ සතු වූ අනූපමේය වූ ස්වාමිභක්තිය
පමණක් හේතු කොටගෙන නො වේ. ඇයගේ උත්තරීතර ගුණය හේතුවෙනි. ඈ භාර්යාවක ලෙස අනන්ත සංසාරයක්
පුරාවට කළ මෙහෙවර හේතුවෙනි. යශෝධරාව පාරමිතා පිරුවේ සිද්ධාර්ථ බෝසතාණන්ගේ භාර්යාව වීමට
මිස බුද්ධත්වය පතා නො වේ. එහෙත් ඈ හැම මොහොතක දී ම සිය සැමියාගේ පාරමිතාව පූරණය කර
ගැනීමට සහකාරියක් ද වූවා ය. ඈ වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාර්යාවකි. සහකාරියකි. පාදපරිචාරිකාවකි.
පැතුන් බලෙන් දෙන්නා අවේ පේවී
කතුන් සැමට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවි
ගොසින් බුදුව එන කල් සිටපන් දේවි
Subscribe to:
Posts (Atom)