‘‘අනුන්ගේ ලේ‘‘ නැවත කියවීම.
විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවියක ව
සිටියදී මා වඩාත් ප්‍රිය කළ කෘති දෙකක් විය. එකක් ‘‘ඇට මැස්සා“ ය. අනෙක
‘‘අනුන්ගේ ලේ“ ය. ජීවිතයේ සංක්‍රාන්ත්‍රික කාලවල බොහෝ දෑ සිදුවන අවස්ථාවලදී
මා නැවත නැවතත් කියවූයේ මේ කෘතින් දෙක යි. නැවතත් මට මේ කෘතිය කියවන්නට බල
කරන පුද්ගලයෙක් හමුවිය. එ් හමුවීම මට සිහිපත් කළේ ද මගේ සරසවි ජීවිතය යි. චින්තන විප්ලවයට පන්නරය ලැබෙන්නේ කියවීමෙනි. එහෙත් වර්තමාන සමාජය තුළ එබදු පොතක් පතක් කියවීමට තරම් ඉස්පාසුවක් තියෙනවාද යන්න සැක සහිත ය. ඒ නිසා ම අනුන්ගේ ලේවල අගය මිනිසුන් දැන සිටියේ ද නැත. දැන හෝ නො දැන අප ගනුදෙනු කරන්නේ අනුන්ගේ ලේ වලිනි.
‘‘අනුන්ගේ ලේවලින් වියදම් කරන එක නං හරිම ලේසියි“ ‘‘අනුන්ගේ ලේ‘‘ නැවත
කියවන්නට මට බල කෙරෙනුයේ ඒ සිතුවිල්ලයි.
‘‘බැහැ. ඉතාම සුලු අත් වැරැද්දකින් වුණත් ඔක්කොම විනාශ වෙන්න පුළුවන්‘‘ පයට තබා ඔහු සිගරට් කොටය පෑගුවේ ය. ‘‘මං යනවා ඔයත් එක්කලා“
‘ඔයා ? කිසිම අවදානම් වැඩකට යන්න ඔයාට අයිතියක් නෑ. ඒක තදින්ම ක්‍රියාත්මක කරන රෙගුලාසියක්.“
‘‘මං දන්නවා“ ජෝන් කීය. ‘‘මං මිනිස්සුන්ව අරිනවා මැරෙන්න ඒත් ඒකේ අංශු මාත්‍රයක බරක්වත් මං දරන්නේ නැහැ“
‘‘ඔයා ඒ බර දැරුවත් ඒකෙන් ඇති වෙන අමුතු වෙනසක් නැහැ ජෝන්. ඔයා ඒක හොදටම දන්නවා.“ ඉන්පසු එළඹියේ නිහැඩියාවකි.
‘‘නිකං හිතලා බන්න හෙලන්, ඔයා අවදානමකට මුහුණ දෙන කොට මං ඔයා ලග නැහැ. මට ඒක දරන්න බැහැ.“ ඔහු කීය.
‘‘මං ඔයා ලග ඉන්නවා ජෝන්“ ඈ කීවා ය. ‘‘දුර අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා හැම වෙලාවෙ ම මං ළග“
355 පි.
‘‘ඒ ගැන සිතෙන විට ලජ්ජාව මුසු සන්ත්‍රාසයකින් ඇගේ මුලු ආත්මය ම වෙළී ගියේ
ය. මා ඒ ගැන සිතුවේ නැත. මා එය විශ්වාස කළේ නැත. නිරතුරුවම පසුවුණේ සාහසික
නින්දක ය. මුළු රෑ ම නිදි නැති ව ඇදේ ඒ මේ අත පෙරළෙමින් ඈ මේ පැය එන තෙක්
මර බියේ බලා ඉන්නට ඇත. ඒ අතර මා කළේ කුමක්ද? මගේ නිය ඔප දැමීම ය. ඒ මුළු
කාලය මුළුල්ලේ ම උන් ඒ මර උගුලට යුදෙව්වන්ව පැටෙව්වෝ ය. පිටත ලෝකයේ මහ දවල්
ම මිනිස්සු ඒ මර බියෙන් විදවද්දී මා කළේ මගේ කාමරයේ දොරගුලු වසාගෙන,
නිශ්ශබ්දතාව සහ ඒකාකාරී වෙහෙස තුළ නිදි වැදීම ය. “ 345 පි.
‘‘තමන් ආලය කරන කෙනාට අනතුරක් වේවි කියලා, පහු වෙන මිනිත්තුවක් මිනිත්තුවක්
ගානේ හිත හිතා ඉන්න එක, දිග් ගැස්සෙන මරණෙකටත් වඩා භයානකයි.’’ 206 පි.
‘‘ගහගන්න ඕන අය ගහගත්තදෙන්. ලේ හලාගන්න ඕන අය ලේ හලා ගත්තදෙන්‘‘ යි කී
අම්මා හිසකෙස් අතර සිය අතැගිලි යැව්වා ය. ‘‘ඒත් ඒ අහිසංක මිනිස්සුන්ට
මැරෙන්න ඕන කළේ නැහැ. ඒ ගැන ඒ මිනිස්සුන්ගෙන් කැමතිද කියලා කවුරුවත් ඇහුවේ
නැහැ“ ඇගේ ස්වරය සිර වී ගෙන ගියේ ය. ‘එහෙම කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක
කෙළින් ම මනුස්ස ඝාතනයක්.“ 340 පි.
‘අනුන්ගේ ලේ’ සිමොන් ද බුවා - පරිවර්තනය ගාමිණි වියන්ගොඩ