බොහෝ කලකට ඉහත ‘සුදු සෙවණැලි‘ චිත්‍රපටයේ රුගත කිරීමේ දී ඔබ හදුනාගතිමි. ඒ 2001 වසරේ දී ය. ඔබේ විසල් දැනුම, දයාබර හිත ‘උප්පලවණ්ණා ‘ හමුවේ දී දැනගතිමි. එතැන් සිට බොහෝ අවස්ථාවල දී සරසවියේ දරැ දැරියන්ට දැනුම බෙදා දීමට ඔබ පැමිණියේ සුපුරුදු නිහතමානි ළෙංගතුකමෙනි.
ආදරණීය සුමින්ද අයියේ, ඔබේ නිකම යෑම දැරිය නොහැක්කේ ද ඒ ආදරණීය බව දයාබර බව නිසා ම ය. ජීවිතයේ දී අපට හමුවන හොද මිනිසුන් ඉතා ඉක්මණින් ම අප හැර යන බව අසා සිටිය ද එය මෙතරම් ඉක්මණින් සිදු වන බව නොසිතුවෙමි. දැන් ඔබ නික්ම ගොස් ය. හැම මොහොතක ම ඔබෙන් ලද ගුරු හරුකම්, මග පෙන්වීම්, මිතුරු සබදකම් දැනුදු මේ මොහොතේ දී ද සිහිපත් කරමි. යළි යළිත් මේ සසර තුළ අප හමුවේවා.
නො ගොස් එන්නට බැරි ය. නෑවිත් යන්නට බැරි ය. ඔබ ගිහින් ආපහු එන්න.